තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්වැටුප් වැඩි කරගැනීම ගැන මහබැංකුව උත්තර දෙන්න ලෑස්තියි

    වැටුප් වැඩි කරගැනීම ගැන මහබැංකුව උත්තර දෙන්න ලෑස්තියි

    තම සේවකයින්ගේ නවතම වැටුප් සංශෝධන සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී ඇතැම් මන්ත්‍රීවරුන් පළකරන ලද අදහස් මෙන්ම මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් අවධානය යොමුවී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

    මෙම වැටුප් වර්ධකය සිදුකරන ලද්දේ 2024-2026 කාලසීමාව ආවරණය වන පරිදි, වෘත්තීය සමිති සමඟ ඇති කර ගත් ත්‍රෛවාර්ෂික සාමූහික ගිවිසුම යටතේ පාලක මණ්ඩලය විසින් අනුමත කිරීමෙන් බව මහබැංකුව කියයි.

    මේ සම්බන්ධයෙන්, පසුගිය 21 දින පැවති පාලක මණ්ඩලය රැස්වීමේදී මහ බැංකු අධිපතිවරයාගෙන් ඉල්ලා ඇත්තේ 2023 අංක 16 දරන ශ්‍රී ලංකා මහ බැංකු පනතේ 80 (2) (ආ) වගන්තිය ප්‍රකාරව මුදල් අමාත්‍යවරයා වශයෙන් ජනාධිපතිවරයාගෙන් ලිඛිත ඉල්ලීමක් කරන ලෙසයි.

    ඒ ශ්‍රී ලංකා මහ බැංකුව සාමාන්‍යයෙන් පාර්ලිමේන්තුව සමඟ සන්නිවේදනය කරන පුද්ගලයින් හරහා, ශ්‍රී ලංකා මහ බැංකුවේ කාර්ය මණ්ඩලයේ මෑත කාලීන වැටුප් සංශෝධනයට අදාළ ක්‍රියාවලිය සහ තාර්කිකත්වය පිළිබඳ සුදුසු පාර්ලිමේන්තු කමිටුවක් හරහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දැනුවත් කිරීමට අවස්ථාවක් ලබා ගැනීම පිළිබඳව ය.

    ඒ අනුව මහබැංකු අධිපතිවරයා පසුගිය 22 දින ලිඛිත ඉල්ලීමක් කර ඇති බව ද මහබැංකුව කියයි.

    මේ අනුව එවැනි කැඳවීමක් වුවහොත් හෝ තොරතුරු ඉල්ලා සිටින ඕනෑම අවස්ථාවකදී සිය ස්ථාවරය පැහැදිලි කිරීමට සූදානම් බව ද මහබැංකුව කියාසිටී.

    සබැඳි පුවත්
    ආන්දෝලනාත්මක වැටුප් වැඩිකිරීම ගැන අහන්න මහබැංකු නිලධාරීන් පාර්ලිමේන්තුවට

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img