fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්හිටපු ඇමතිවරයෙක් දිවියට සමුදෙයි

    හිටපු ඇමතිවරයෙක් දිවියට සමුදෙයි

    හිටපු අමාත්‍යවරයෙකු වන ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

    කලක් රෝගාතුරව සිටි ඒ මහතා මිය යන විට 83 වන වියේ පසුවිය.

    ඒ මහතාගේ දේහය කටුගම්පොළ පිහිටි නිවසේ තැන්පත් කිරීමට නියමිත ය.

    දේහය පිළිබඳ අවසන් කටයුතු පිළිබඳ ඉදිරියේ දී දැනුම් දෙන බව පවුලේ ඥාතීහු පැවසුහ.

    ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා ක්‍රියාකාරී දේශපාලනයට පැමිණෙන්නේ 1968 දී ය.

    1977 වසරේදී සහ පසුව 1994 වසරේ සිටම පාර්ලිමේන්තුව නියෝජනය කළ ඔහු 8 වැනි පාර්ලිමේන්තුවේද මන්ත්‍රීවරයකු වූ අතර ඔහු අවසන් වරට මැතිසබේට තේරී පත්වූයේ එක්සත් ජාතික පක්ෂයෙනි.

    පසුකාලීනව ඔහු සමගි ජනබලවේගයට ද සහය දැක්වූ අතර ඔහුගේ පුත්‍රයා ද එම පක්ෂයේ දේශපාලන ක්‍රියාකාරිකයෙක් වන අසංග ජයවික්‍රම පෙරේරා මහතා ය.

    1941 වසරේ උපත ලැබූ ඒ මහතා කොළඹ නාලන්දා විද්‍යාලයෙන් අධ්‍යාපනය හැදෑරූ අතර එහි ක්‍රිකට් කණ්ඩායමට නායකත්වය සැපයූ දක්ෂ ක්‍රීඩකයෙකි.

    දේශපාලනයට පිවිසි ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා 2021 වසරේ දී වාරිමාර්ග හා ජල කළමනාකරණ අමාත්‍ය ධූරයට පත් වු අතර 2015 වසරේ දී ආහාර සුරක්ෂිතතා අමාත්‍යවරයා ලෙසත් එම වසරේදීම තිරසර සංවර්ධන හා වනජීවී අමාත්‍යවරයා ලෙසත් කටයුතු කළේය.

    2017 වසරේ අගෝස්තු මාසයේ සිට 2018 වසරේ ඔක්තෝබර් මාසය දක්වා බුද්ධශාසන අමාත්‍යවරයා ලෙස ක්‍රියා කළ ඒ මහතා එක්සත් ජාතික පක්ෂයේ සභාපතිවරයා ලෙස ද කලක් කටයුතු කර තිබුණි.

    ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා වයඹ පළාත් ප්‍රධාන අමාත්‍යවරයා ලෙස ද කටයුතු කළ අයෙකි.

    මේ අතර පසුගිය(11) දා ඕස්ට්‍රේලියාවේ සංචාරය නිම කර පැමිණි වහාම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා, අසනීප තත්වයෙන් සිටි ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතාගේ සුවදුක් බැලීමට ගොස් තිබුණි.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.