fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්සනත් වෙනුවට හෙට ජගත් මැතිසබේ දිවුරයි

    සනත් වෙනුවට හෙට ජගත් මැතිසබේ දිවුරයි

    රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාගේ අභාවයෙන් පසුව හිස් වුණ පාර්ලිමේන්තු මන්ත්‍රී අසුන හිමිවූ ජගත් ප්‍රියංකර මහතා හෙට (08)පෙරවරුවේ කතානායකවරයා ඉදිරියේ දිවුරුම් දීමට නියමිතයි.

    පසුගිය මහ මැතිවරණයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් වැඩි මමනාප සංඛ්‍යාවක් ලබාගෙන එම දිස්ත්‍රික්කයේ පළමු වැනියා වීමට සනත් නිශාන්ත මහතාට හැකි වූ අතර ඔහු ලබා ගත් මනාප සංඛ්‍යාව 80082ක්.

    එහි පරාජිත ලැයිස්තුවේ පළමු වැනි ස්ථානය ජගත් ප්‍රියංකර මහතා විසින් හිමිකර ගත් අතර ඔහු ලබා ගත් මනාප සංඛ්‍යාව 40527ක්.

    ගනේශ් වීදියබණ්ඩාර

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.