fbpx
තවත්
    මුල් පිටුවspecialචාල්ස් රජුට පිළිකාවක්

    චාල්ස් රජුට පිළිකාවක්

    බ්‍රිතාන්‍යයේ චාල්ස් රජු හට පිළිකා රෝගය වැළදී ඇති බවට අනාවරණය වී ඇති බකින්හැම් මාලිගාව නිවේදනය කරයි.

    රජු හට කුමන ආකාරයක පිළිකා රෝගයක් වැළදී ඇති බවට අනාවරණය කර නොමැති අතර ප්‍රතිකාර ආරම්භ කර ඇති බවත් බකින්හැම් මාලිගය සඳහන් කරයි.

    ඒ අනුව චාල්ස් රජු හට සිය මහජන රාජකාරිවලින් මඳකට කල්දැමීමට සිදුවන බවද බ්‍රිතාන්‍ය රජ මාලිගය මාධ්‍ය වෙත දැනුම් දී තිබේ.

    තම රෝගී තත්ත්වය සම්බන්ධයෙන් සිය පුතුන් දෙදෙනා සමඟ රජු මේවන විටත් සාකච්ඡා කර ඇති බව අනාවරණය වේ.

    ඒ අනුව බ්‍රිතාන්‍යයේ කිරීටය හිමි විලියම් කුමරු මහජන සේවයට සෘජුව මැදිහත් වීමට නියමිත බවද බ්‍රිතාන්‍ය මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

    වාසල සේනාරත්න

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.