තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්කොල්ලුපිටිය සහ කොම්පඤ්ඤවීදිය පැත්තක් අද සිට වසා දමයි

    කොල්ලුපිටිය සහ කොම්පඤ්ඤවීදිය පැත්තක් අද සිට වසා දමයි

    කොල්ලුපිටිය සහ කොම්පඤ්ඤවීදිය පොලිස් වසම්වල උත්තරානන්ද මාවත, පෙරහැර මාවත හා නවම් මාවත අද (05) සිට අදියර 3 ක් යටතේ තාවකාලිකව වසා දැමීමට තීරණය කර තිබේ.

    පොලිසිය සඳහන් කළේ , කොළඹ වරාය නගරය දක්වා සම්බන්ධ කිරීමට නියමිත අප ජලය මුදාහැරෙන භූගත නළ මාර්ගයක් එලීමේ කටයතු හේතුවෙන් එලෙස වසා දැමෙන බවයි.

    ඒ අනුව උත්තරාන්නද මාවත, නවම් මාවත සිට දුම්රිය හරස් මාර්ගය දක්වා කොටස අද සිට ලබන 19 දින දක්වාත්,

    උත්තරානන්ද මාවත, පෙරහර මාවත සිට නවම් මාවත දක්වා කොටස ලබන 20 වැනිදා සිට මාර්තු 4 වැනිදා දක්වාත්,

    උත්තරාන්නද මාවත, පෙරහර මාවත, රොටුන්ඩාගාඩ්න් හන්දිය දක්වා කොටස අද සිට මාර්තු 11 වැනිදා දක්වාත් තාවකාලිකව වසා තැබෙන බව සඳහන් ය.

    මෙම දිනවල විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලිසිය ජනතාවගෙන් ඉල්ලා සිටී.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img