අලෙවියට තබා ඇති පාන්වල බර පැහැදිලිව පෙනෙන සේ සඳහන්ව තිබිය යුතු බවට පාරිභෝගික කටයුතු අධිකාරිය නිවේදනය කරයි.
එමෙන්ම පාන් ගෙඩියක සහ පාන් භාගයක නියමිත බර සඳහන් කරමින් පාරිභෝගික කටයුතු අධිකාරිය ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
ඊට අනුව පාන් ගෙඩියක නියමිත බර ග්‍රෑම් 450ක් විය යුතු අතර එහි වෙනස්වීම ග්‍රෑම් 13.5ක් විය හැකිය.
පාන් භාගයක නියමිත බර ග්‍රෑම් 225ක් වියයුතු අතර එහි වෙසන්වීම ග්‍රෑම් 09කට නොවැඩි විය යුතුය.
අදාළ ගැසට් නිවේදනය පහතින්.
2369-26_S