වැලිපැන්න පොලිස් වසමේ පිහිටි විහාරස්ථානයක නායක හිමිනමක් කතුන් තිදෙනෙකු සමග ගිහි ඇදුමින් සැරසී විනෝද චාරිකාවක් ගොස් සිටියදී දායක සභාවේ සාමාජිකයන්ට හසුවී තිබේ.
විහාරාධිපති කතුන් තිදෙනෙක් සමඟ ගිහි ඇදුමින් සැරසී විනෝද චාරිකාවකට ගොස් සිටියදී විහාරස්ථානයේ දායකයින්ට එය නිරීක්ෂණය වී ඡායාරූප ගෙන ෆේස්බුක් සමාජ ජාලයේ එම ඡායාරූප ප්‍රසිද්ධ කර තිබී ඇත.
එම ඡායාරූප දැක කුපිත වූ ගම්වැසියන් විහාරස්ථානය අසලට රැස්වී විහාරාධිපති හිමියන්ට එරෙහිව විරෝධතාවක ඊයේ සවස නිරතව ඇත.