අත්අඩංගුවට ගෙන වරදකරුවන් වී සිරදඬුවම් විඳින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට පොදු සමාවල් ලබාදීම මින් ඉදිරියට සිදුනොකිරීමට තීරණය කළ බව බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් තුෂාර උපුල්දෙණිය මහතා පවසයි.
හෙතෙම පෙන්වාදෙන්නේ, මත්ද්‍රව්‍ය ජාවාරම සමාජ ව්‍යයසනයක් වී ඇති බැවින් මෙම පියවර ගත් බවයි.
කෙසේවෙතත් අත්අඩංගුවට ගන්නා මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් පුනරුත්තාපනය සඳහා යොමුකිරීම තවදුරටත් සිදුකරන බව ද හෙතෙම කීය.
අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය විසින් ඊයේ පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව කීය.
බන්ධනාගාරගතව සිටින වරදකරුවන් වූ සිරකරුවන්ට, ජාතික නිදහස් දින, වෙසක් පොහොය ආදි විවිධ අවස්ථාවන්හිදී පොදු සමාව වැනි සිරදඬුවමෙන් නිදහස් වීමට හැකි අවස්ථාවන් පවතී.
එසේ හිමිවනුයේ බන්ධනාගාරගතව සිටින කාලය තුළදී ඔවුන්ගේ හැසිරීම් යනාදි නිර්ණායක ගණනාවක් සැළකිල්ලට ගෙන ය.
කෙසේවෙතත් මේ සඳහා සුදුසු සිරකරුවන්ගේ නාමලේඛනය සකසනු ලබන්නේ බන්ධනාගාර දෙපාර්තමේන්තුව විසිනි.
මේ අතර මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් පුනරුත්තාපනය වෙනුවෙන් අලුතින් මධ්‍යස්ථාන 300ක් ඇතිකිරීමට පියවර ගෙන තිබේ.
1927 දුරකතන අංකය ඔස්සේ ලබාගන්නා නොමිලේ ඇමතුමක් මගින් මත්ද්‍රව්‍ය ඇබ්බැහිවීම්වලින් වැළකීමට අවශ්‍ය උපදෙස් ලබාගැනීම ඕනෑම අයකුට සිදුකළ හැකි බව ද අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය එහිදී කියාසිටියේය.