fbpx
තවත්
    මුල් පිටුවspecialනයිට්‍රජන් වායුව දී මරණ දඬුවම පළමු වරට ඇලබාමාහිදී ක්‍රියාත්මක වෙයි

    නයිට්‍රජන් වායුව දී මරණ දඬුවම පළමු වරට ඇලබාමාහිදී ක්‍රියාත්මක වෙයි

    අමෙරිකාවේ පළමු වතාවට නයිට්‍රජන් වායුව භාවිතයෙන් මරණ දඬුවමක් ක්‍රියාත්මක කිරීමට ඇලබාමා ප්‍රාන්තය පියවර ගෙන තිබේ.

    ඒ අධිකරණය හමුවේ දී ඝාතනයක් සම්බන්ධයෙන් වරදකරුවකු වූ 58 හැවිරිදි කෙනත් ස්මිත් නමැති සිරකරුවාට ය.

    ස්මිත්, 1988 එලිසබෙත් සෙනට් ඝාතනයේ වරදකරුවන් වූ තිදෙනාගෙන් කෙනෙකි. එලිසෙබෙත්ගේ ස්වාමිපුරුෂයා වූ දේවගැතිවරයෙකු වන චාල්ස් සෙනට් ඇයව ඝාතනය කිරීමට එම තිදෙනා කුලියට ගෙන තිබුණි.

    දැඩි ලෙස ණය වී සිටි දේවගැතිවරයා රක්ෂණ මුදල් ලබාගැනීමට අවශ්‍ය වූ නිසා එලිසබෙත් ඝාතනය කිරීමට කෙනත්ට සහ අනෙක් ඝාතකයන්ට ඩොලර් 1,000 බැගින් ගෙවා තිබී ඇත.

    ඝාතනයට ලක්වූ එලිසෙබෙත් සහ ඇයව ඝාතනයට කුලී ඝාතකයන් බඳවා ගත් දේවගැති චාල්ස් සෙනට්

    උසාවි ලේඛනවලට අනුව, විමර්ශනයේ සැකකරුවෙකු ලෙස ඔහු වෙත විමර්ශකයන්ගේ ඇස යොමු වූ විට ඇගේ සැමියා වන චාල්ස් සෙනට් සියදිවි නසාගෙන ඇත.

    කෙනත්ගේ මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම ආරම්භ වූයේ සවස 7.53ටය. එරට වේලාවෙන් රාත්‍රී 8:25 ට ඔහු මිය ගිය බව රාජ්‍ය බන්ධනාගාර කොමසාරිස් ජෝන් හැම් ප්‍රකාශ කර ඇත.

    එක්සත් ජනපද ශ්‍රේෂ්ඨාධිකරණය එහි ලිබරල් විනිසුරුවන් තිදෙනාගේ විරෝධතා සහ මරණීය දණ්ඩනයට එරෙහිවූවන්ගේ දැඩි විරෝධය මත වුවද මෙතෙක් පරීක්ෂා කර නොතිබූ මෙම මරණ දණ්ඩනය ඉදිරියට ගෙන යාමට අවසර දී තිබුණි. විනිසුරුවරුන් පවා විරෝධය දක්වා තිබුණේ මෙය සෙසු මරණ දඬුවම්වලට වඩාත් බිහිසුණු මරණයක් අත්කර දිය හැකි බවට පවසමිනි.

    මෙම මරණ දණ්ඩනය සියැසින් දැකබලාගැනීමට මාධ්‍යවේදීන් 5 දෙනකුට අවකාශය දුනි.

    ට්‍රොලියක් වැනි ඇඳකට බැඳ සිටි ස්මිත්ට මුළු හිසම වැසෙන ආකාරයේ මුඛ ආවරණයක් දමා ඇත. එම මුඛ ආවරණය කරා නයිට්‍රජන් වායුව ගලා ඒමට පටන්ගත් පසු ඔක්සිජන් අඩුවන තුරු මිනිත්තු කිහිපයක් ඔහු සිහියෙන් සිටින බව පෙනී ගිය එම මාධ්‍යවේදීන්ගේ වාර්තාව සඳහන් කර තිබේ.

    කෙසේවෙතත් ස්මිත් ඉන්පසු ඔහු විනාඩි කිහිපයක් දැඩි ලෙස හුස්ම ගැනීමට පෙර අවම වශයෙන් විනාඩි දෙකක්වත් ‘දඟලමින් සොලවමින්’ සිටියේය.

    රජයේ නීතිඥයින් මීට පෙර උසාවි ගොනු කිරීම්වලදී ප්‍රකාශ කර තිබුණේ නයිට්‍රජන් මගින් මරණය ක්‍රියාත්මක කිරීමේදී ‘තත්පර කිහිපයකින් සිහිසුන් වීම’ සහතිකවම සිදුවනු බවට ය.

    අවසානයේ මාධ්‍යවේදීන් ප්‍රකාශ කළේ දැඟලීම එය නොපෙනෙන තෙක් ඔහුගේ හුස්ම ගැනීම ක්‍රමයෙන් මන්දගාමී වූ බවයි.

    ස්මිත් තමාට හැකි තාක් හුස්ම අල්ලාගෙන සිටීමට උත්සාහ කළ බවක් පෙනෙන්නට තිබූ අතර ස්මිත්ගේ ශරීර චලනයන් අඩුවී ක්‍රමයෙන් මරණය කරා ළඟාවූ බවත් ‘අපි බලාපොරොත්තු වූ දේට වඩා විශේෂ දෙයක් එහි නොවේ’ යනුවෙන් ඔවුන් පවසා ඇත.

    මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම දුටු තවත් වාර්තාකරුවෙකු පැවසුවේ, නයිට්‍රජන් දීම ආරම්භ වී මිනිත්තු කිහිපයකදී ස්මිත්ගේ හිස ප්‍රචණ්ඩ ලෙස එහා මෙහා වූ බවයි.

    මරණ දණ්ඩනයට පත් කිරීමට පෙර, ස්මිත් මරණ දඩුවම ලැබෙන කුටියේ සිට දීර්ඝ අවසන් ප්‍රකාශයක් ලබා දී ඇත.

    ඇසින් දුටු සාක්ෂිකරුවන්ට අනුව, “අද රාත්‍රියේදී, ඇලබාමා මනුෂ්‍යත්වයට පියවරක් පසුපසට ගත්තා” යනුවෙන් ඔහු අවසන් වශයෙන් ප්‍රකාශ කර ඇත.

    මෙය රට රටවල මරණීය දණ්ඩනය නියම වූ සිරකරුවන්ට එය ක්‍රියාත්මක කරන ආකාරය පිළිබඳ නව මායිමක් විවෘත කර ඇති බව විශ්ලේෂකයන්ගේ අදහසයි.

    ‘මෙය මම ඇලබාමා හි දුටු පස්වන මරණ දණ්ඩනයයි. මරණ දණ්ඩනය තුළ එතරම් ප්‍රචණ්ඩකාරී ප්‍රතිචාරයක් මම කිසි දිනෙක දැක නැත’ ඇසින් දුටුවන්ගෙන් අයකු පවසා ඇත.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.