කටුනායක අධිවේගී මාර්ගයේ සිදුවූ රිය අනතුරකින් රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා අද අලුයම සිය ආරක්ෂක නිලධාරියා සමඟ ජීවිතක්ෂයට පත්ව ඇත.
අලුයම 2.00ට පමණ අධිවේගී මාර්ගයේ ආර්. 11.01 කිලෝමීටර් කණුව අසලදී කටුනායක දෙස සිට කොළඹ දෙසට ධාවනය වූ ජිප් රථය එම දෙසටම ධාවනය වෙමින් තිබුනු කන්ටේනරයක ගැටී මෙම අනතුර සිදුව තිබේ.
එහිදී සනත් නිශාන්ත රාජ්‍ය අමාත්‍යවරයා ගමන්කරමින් තිබුණු රථය මාර්ගයේ ආරක්ෂිත වැටේ ගැටී ඇත.
මෙම අනතුරින් බරපතල තුවාල ලැබූ රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත ආරක්ෂක නිලධාරී පොලිස් කොස්තාපල් ජයකොඩි සහ ජිප් රථයේ රියදුරු රාගම රෝහලට ඇතුලත්කර ඇත. අමාත්‍යවරයා සහ ආරක්ෂක නිලධාරියා මියගොස් ඇත්තේ රොහල් ගත කිරීමෙන් අනතුරුවය.