මැණික් ගල් 15ක් මිලදී ගෙන රුපියල් තුන්කෝටියකට ආසන්න මුදලක් වංචාකිරීමකට සම්බන්ධ ව්‍යාපාරිකයකු ඇතුළු 06 දෙනෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඊයේ (19_) අත්අඩංගුවට ගෙන ඇත.
ව්‍යාපාරිකයා බේරුවල මරදාන හනීෆා මාවතේ පදිංචි අවුරුදු 36ක් වයසැති අයෙකි. මැණික් ගල් 15ක් මිලදි ගෙන ඇත්තේ මෙම ව්‍යාපාරිකයාය.
මැණික් ගල් මිලදී ගැනීම වෙනුවෙන් ඔහු 28,750,000ක් වටිනා චෙක්පත් කිහිපයක් මැණික්ගල් හිමිකරුට ලබාදී ඇති බවත් එම චෙක්පත් සියල්ලක්ම මුදල් නොමැති ගිණුම්වලින් ලබාදී ඇත.
ඒ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මැණික් ගල් අලෙවිකර වංචාවට හසුවූ පුද්ගලයා කළ පැමිණිල්ලකකට අනුව විමර්ශන පවත්වා මැණික් ගල් මිලදී ගෙන අගරු චෙක්පත් ලබාදුන් පුද්ගලයාත් මෙම වංචාවට ඔහුට ආධාර හා අනුබලදුන් කාන්තාවන් තිදෙනෙක් ඇතුළු පුද්ගලයින් පස් දෙනෙකුත් අත්අඩංගුවට ගෙන තිබේ.
කාන්තාවන් තිදෙනා අවුරුදු 25,43 හා 53 යන වයස්වල පසුවන්නන්ය. සෙසු සැකකරුවන් අවුරුදු 24 හා 30 යන වයස්වල අය බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි. මෙම සැකකරුවන් පස් දෙනාම යාපනයේ පදිංචිකරුවන්ය.