fbpx
තවත්
    මුල් පිටුවදේශීය පුවත්උසස් පෙළ කෘෂි විද්‍යා ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න පිටකල ගුරා රක්ෂිතයට - ප්‍රශ්න...

    උසස් පෙළ කෘෂි විද්‍යා ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න පිටකල ගුරා රක්ෂිතයට – ප්‍රශ්න පිටවුණු අයුරු තාමත් ප්‍රශ්නයක්

    අපොස උසස් පෙළ විභාගයේ කෘෂි විද්‍යාව දෙවන ප්‍රශ්න ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න එම විෂයට අදාල ප්‍රශ්න පත්‍රය පසුගිය 10 වෙනිදා සිසුන්ට බෙදා දීමට පෙර සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රසිධ කිරීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවටගත් සැකකාර ගුරුවරයා ලබන 26 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.

    මෙම ගුරුවරයා අම්පාර ඩී.එස්. සේනානායක විද්‍යාලයේ සේවයේ නිරතව සිටින අයෙකි. මෙම සැකකරු කෘෂි විද්‍යාව විෂයට අදාල උපකාරක පංති පවත්වන අයෙක් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අනාවරණයකර ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතීඥ නිහාල් තල්දූව මහතා සඳහන් කළේය.

    “ මෙම සිදුවීම වෙන්නේ 10 වෙනිදා ප්‍රශ්න පත්‍රය සිසුන්ට ලබාදීමට පෙරයි. මෙම සැකකරු තමාගේ අත්අකුරින් ප්‍රශ්න පත්‍රය පිටපත් කරල සමාජ මාධ්‍ය වෙත නිකුත්කර තිබෙනවා. මේ ගැන විභාග කොමසාරිස් ජනරාල්වරයා සී.අයි.ඩී.යට පැමිණීලිකරන්නේ 12 වෙනිදා. සැකකරුව හදුනාගෙන 13 වෙනිදා සවස් වන විට අත්අඩංගුවටත් ගන්නවා“ යැයි නිහාල් තල්දූව මහතා සඳහන් කළේය.

    මෙම ගුරුවරයාගේ අම්පාර විජිතපුර නිවස පරීක්ෂාකර එහි තිබී ඔහු සමාජ මාධ්‍ය වෙත නිකුත් කළ එම ප්‍රශ්න පත්‍රයද සොයා ගැනීමට අපරාධ පරීීක්ෂණ දෙපාර්තමේන්තුව සමත්ව ඇත.

    අවුරුදු 52ක් වන මෙම ගුරුවරයා විසින් ප්‍රශ්න පත්‍රයේ ඇති ප්‍රශ්න ඒ ආකාරයටම විභාගයට පෙර සමාජ මාධ්‍ය ජාලයට දැමීමට ප්‍රශ්න පත්‍රයේ ඇති ප්‍රශ්න ලැබුණේ කෙසේදැයි පැහැදිලි තොරතුරක් මෙතෙක් අනාවරණය වී නැත. ඒ සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වෙන බව නිහාල් තල්දූව මහතා සඳහන් කළේය.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img