fbpx
තවත්
    මුල් පිටුවCOVIDසංචරණ සීමාව 28 දක්වා දිගටම

    සංචරණ සීමාව 28 දක්වා දිගටම

    දිවයිනටම බලපැවැත්වෙන පරිදි ඊයේ රාත්‍රී 11.00 සිට පනවනු ලැබු සංචරණ සීමා මැයි මස 28 වන දින දක්වා අඛණ්ඩව ක්‍රියාත්මක වන බව රජය අද නිවේදනය කරයි.

    මීට පෙර මැයි මස 25 වනදා සහ 28 වනදා සංචරණ සීමා ඉවත් කිරීමට නියමිතව තිබුණි.

    එහෙත් එම දිනවල සංචරණ සීමා ඉවත් නොකිරීමට රජය තීරණය කර තිබේ.

    එසේ වුවද 25 සහ 28 යන එම දිනවලදී එක් නිවසකින් එක් අයෙකුට පමණක් ඖෂධ සහ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිළදි ගැනීම සඳහා ළඟම වෙළෙඳසැලට යා හැකිය.

    කෙසේ වෙතත් එම සංචරණ සීමා අත්‍යවශ්‍ය සේවා සඳහා වලංගු නොවන බව රජය සහ කොවිඩ් කාර්ය සාධන බලකාය නිවේදනය කර තිබේ.

    එහෙත් අත්‍යවශ්‍ය සේවාවන් සඳහා ගමන් කරන පුද්ගලයින් පොලිස් මාර්ග බාධක වලදි දැඩි සෝදිසියකට ලක් කිරීමට කටයුතු කෙරෙන බවද බලධාරීන් පවසයි.

    කොවිඩ් – 19 ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා අඛණ්ඩ සංචරණ සීමා පැනවීමට රජය ගත් තීරණයට අනුව මෙය ක්‍රියාත්මක ය.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.