තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ජනපති අමාත්‍යාංශ ලේකම්වරුන් 10ක් අලුතින් පත්කරයි

    ජනපති අමාත්‍යාංශ ලේකම්වරුන් 10ක් අලුතින් පත්කරයි

    අමාත්‍යාංශ 10ක් සඳහා නව අමාත්‍යාංශ ලේකම්වරුන් දසදෙනෙකු සහ පළාත් 02ක් සඳහා ප්‍රධාන ලේකම්වරුන් දෙදෙනෙකු අලුතින් පත් කර තිබේ.

    ඒ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මීට සුළු මොහොතකට පෙර ය.

    මෙම පත්වීම් 2024 ජනවාරි මස 01 වැනි දින සිට ක්‍රියාත්මක ය.

    ඒ අනුව ජල සම්පාදන හා වතු යටිතල පහසුකම් අමාත්‍යාංශ ලේකම් ධූරයට ඒ. සී. මොහොමඩ් නෆීල් මහතා ද, රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පලන අමාත්‍යාංශ ලේකම් ධූරයට ඩබ්. පී. පී. යසරත්න මහතා ද, වාරිමාර්ග අමාත්‍යාංශ ලේකම් ධූරයට සමන් දර්ශන පාඬිකෝරාල මහතා ද පත් කර ඇත.

    පරිසර අමාත්‍යාංශයේ ලේකම් ධූරයට බී. කේ. පී. චන්ද්‍රකීර්ති මහතා ද, විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් ධූරයට ආචාර්ය සුලක්ෂණ ජයවර්ධන මහතා ද, ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශයේ ලේකම් ධූරයට ඉංජි. රංජිත් රූබසිංහ මහතා ද, තාක්ෂණ අමාත්‍යාංශයේ ලේකම් ධූරයට ධර්මශ්‍රී කුමාරතුංග මහතා ද පත් කර ඇත.

    එමෙන්ම, උතුරු මැද පළාත් ප්‍රධාන ලේකම් ලෙස ආර්. එම්. ඩබ්. එස්. සමරදිවාකර මහතා ද, බස්නාහිර පළාත් ප්‍රධාන ලේකම් ලෙස එස්. එල්. ඩී. කේ. විජයසිංහ මහත්මිය ද පත් කර ඇත.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img