තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්රාජ්‍ය සේවය පිණිස සෑහෙන අල්ලස් අරන්

    රාජ්‍ය සේවය පිණිස සෑහෙන අල්ලස් අරන්

    මේ වසරේ ජනවාරි සිට නොවැම්බර් මාසය දක්වා කාලය තුළ අල්ලස් පැමිණිලි 3,000 ඉක්මවා ලැබී ඇතැයි අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පවසයි.

    ජනවාරි 01වන දා සිට නොවැම්බර් මස 21 වන දා දක්වා පැමිණිලි 3,255ක් ලැබී ඇති බව එම කොමිෂන් සභාව සඳහන් කළේය.

    ඉන් සැලකිය යුතු ප්‍රමාණයක් රාජ්‍ය සේවක ව්‍යුහයේ ක්‍රියාකාරකම් මත පදනම්ව ලැබී ඇති පැමිණිලි වේ.

    පොලිස් නිලධාරීන්ට විරුද්ධව පැමිණිලි 100කට ආසන්න ප්‍රමාණයක් මේ දක්වා ලැබී ඇති අතර විදුහල්පතිවරුන්ට එරෙහිව පැමිණිලි 50කට ආසන්න සංඛ්‍යාවක් ලැබී ඇති බව සඳහන්ය.

    ලැබී ඇති අල්ලස් පැමිණිලි හා සැසඳීමේ දී විමර්ශන කාර්යයන් අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා කොමිෂන් සභාව තුළ පවතින සේවක පුරප්පාඩු කඩිනමින් සම්පුර්ණ කර ගැනීමේ අවශ්‍යතාව පවතින බවද අල්ලස් හෝ දුෂණ චෝදනා කොමිෂන් සභාව සඳහන් කළේය.

    ගනේශ් වීදියබණ්ඩාර

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img