දිවයිනේ සියලුම ආගමික ස්ථාන ලියාපදිංචි කිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමිව ඇති බැවින් මේවනවිට ඒ සඳහා දත්ත එක් රැස් කිරීමේ කටයුතු සිදුකරන බව බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක පවසයි.
එලෙස දත්ත රැස්කිරීමේදී පූජනීය ස්ථානවල දැනට නතරව සිටින භික්ෂූන් වහන්සේලා, පූජකතුමන්ලා, පියතුමන්ලා ඇතුළු සියළුම දෙනා සම්බන්ධයෙන් විස්තර ලබාගන්නා බවද අමාත්‍යවරයා කීය.
එමෙන්ම කුල දරුවන් පැවිදි කිරීමේ වයස් සීමාව සම්බන්ධයෙන් මහානායක හිමිවරුන් සමඟ සාකච්ඡා ආරම්භ කර ඇති බවද අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා සඳහන් කළේය.