දිවයිනටම බලපාන පරිදි ඊයේ (11) සිදුවූ විදුලි බිඳවැටුම පිළිබඳ පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.
මේ බව විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍ය, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉන්දික අනුරුද්ධ මහතා අද මැතිසබේදී පැවසුවේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාම මහතා ඒ පිළිිබඳ නඟන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
අකුණු සැර වැදීමක් හේතුවෙන් කොත්මලේ සිට බියගම දක්වා වූ සැපයුම් පද්ධතියේ දෝෂයක් හටගැනීම නිසා මෙම විදුලි බිඳවැටුම ඊයේ පස්වරු 5ට පමණ ආරම්භ වී රාත්‍රී 11 පමණ දක්වා පැවතිණි.
විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය සහ ලංකා විදුලිබල මණ්ඩලය විසින් මීට අදාළ පරීක්ෂණය පවත්වන බව රාජ්‍ය අමාත්‍යවරයා කියාසිටියේ ය.