කොළඹ කොටුව සිට යාපනය සහ කන්කසන්තුරය අතර දුම්රිය සේවා තාවකාලිකව නතර කෙරේ.
ඒ මාස 6ක කාලයක් සඳහායි.
උතුරු දුම්රිය මාර්ග නවීකරණ කටයුතු හේතුවෙන් මෙම පියවර ගෙන ඇත.
2024.01.07 දින නවීකරණ කටයුතු ආරම්භ කෙරෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව කියයි.
වසා තැබෙන කාලය තුළදී කොළඹ කොටුවේ සිට මහව දක්වා පමණක් සහ කන්කසන්තුරය සිට අනුරාධපුරය දක්වා පමණක් දුම්රිය ධාවනය සිදුවනු ඇත.
මේ පිළිබඳ වැඩිදුර විමසීම් 1971 අංකයෙන් අමතා විස්තර ලබාගත හැකිය.