fbpx
තවත්
    මුල් පිටුවCOVIDඅද කොවිඩ් ආසාදිතයන් 3500 පනී

    අද කොවිඩ් ආසාදිතයන් 3500 පනී

    අද (21) දින හඳුනාගත් සමස්​ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 3,538 ක් බව කොවිඩ් 19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කරයි.

    ඒ අනුව මෙරටින් මේ වන විට හදුනාගෙන ඇති සමස්ත ආසාදිතයින් ගණන 158,324ක් දක්වා ඉහළ ගොස් තිබේ.

    එසේම අද (21) දිනයේ පමණක් කොවිඩ් ආසාදිතයන් 1,828 දෙනෙක් සුවය ලබා රෝහල්වලින්  පිටව ගොස් ඇත.

    ඒ අනුව සුවය ලැබු සමස්ත කොවිඩ් ආසාදිතයන් ගණන 125,360ක් විය.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.