දේවගැති ජෙරොම් ප්‍රනාන්දු මහතා අද (29) අලුයම කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළෙන් (BIA) ශ්‍රී ලංකාවට පැමිණි බව වාර්තා වේ.
දේවමෙහෙයකදී අන්‍ය ආගම්වලට අපහාසාත්මක ප්‍රකාශයක් කිරීම හේතුවෙන් ලද පැමිණිලි යටතේ පරීක්ෂණ ක්‍රියාත්මක වන අතරතුරදී තමා අත්අත්ඩංගුවට ගැනීම වළක්වන ලෙස ඉල්ලා ජෙරම් ප්‍රනාන්දු දේවගැතිවරයා පසුගිය මැයි 26 වැනිදා තම නීතිඥවරුන් මාර්ගයෙන් අධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබුණි.
එය විභාග කිරීමෙන් පසු ඔහු මෙරටට පැමිණීමෙන් පසු ගුවන්තොටුපලේදී අත්අඩංගුවට නොගන්නා ලෙස අභියාචනාධිකරණය පසුගිය නොවැම්බර් 17 වැනිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළේය.
එම අධිකරණ තීන්දුව මත මෙරටට පැමිණ පැය 48ක් තුළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඔහු විසින් ප්‍රකාශයක් ලබාදිය යුතු වේ.
කෙසේ වෙතත්, මැයි 16 වැනිදා කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් ඔහුගේ විදේශ ගමන් තහනම් කිරීමට දින දෙකකට පෙර ප්‍රනාන්දු දේවගැතිවරයා සිංගප්පූරුව බලා පිටත්ව ගොස් ඇත.