තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්කළු කඩ මුදලාලිලාගෙන් කෝටි 24ක දඩ

    කළු කඩ මුදලාලිලාගෙන් කෝටි 24ක දඩ

    පසුගිය ජනවාරි මාසයේ සිට නොවැම්බර් 20 දක්වා සිදුකළ වැටලීම්වලින් රුපියල් කෝටි 24ක දඩ මුදලක් අය කරගැනීමට හැකිවූ බව පාරිහෝගික කටයුතු අධිකාරිය පවසයි.

    වැටලීම් 22,000ක පමණ සංඛ්‍යාවක් තුළ සහල් වැටලීම් 3,151ක් සහ සීනි වැටලීම් 510ක් පමණ සිදුකර ඇති බව එම අධිකාරිය සඳහන් කළේ ය.

    පාරිභෝගික කටයුතු අධිකාරිය විසින් මෙම උත්සව සමයේ පාරිභෝගික ජනතාව මිලදී ගන්නා භාණ්ඩ සහ ආහාරවල සුරක්ෂිතතාව උදෙසා සියලුම දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි වැටලීම් සහ විමර්ශන තීව්‍ර කිරීමට කටයුතු යොදා තිබේ.

    පාරිභෝගික පැමිණිලි සම්බන්ධයෙන් පාරිභෝගික කටයුතු අධිකාරියේ කෙටි දුරකථන අංකය වන 1977 වෙත තොරතුරු ලබා දෙන ලෙස ද එම අධිකාරිය ජනතාවගෙන් ඉල්ලා සිටී.

    ගනේශ් වීදියබණ්ඩාර

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img