fbpx
තවත්
    මුල් පිටුවදේශීය පුවත්උණුසුම් පුවත්කොන්ක්‍රීට් තට්ටුවකට යටවී පාසල් සිසුවියක් මියයයි - සිසුන් 5ක් රෝහලේ

    කොන්ක්‍රීට් තට්ටුවකට යටවී පාසල් සිසුවියක් මියයයි – සිසුන් 5ක් රෝහලේ

    ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමේ පිහිටි වෙහෙරගොඩ කනිෂ්ඨ විද්‍යාලයේ ඇති කොන්ක්‍රීට් බැම්මක කොටසක් කඩා වැටීමෙන් ඊට යටවූ සිසුවියක් මියගොස් සිසුන් 5දෙනෙක් රෝහල්ගතකර ඇත.

    මෙම අනතුර අද උදෑසන සිදුව තිබේ. ජල කරාම සවිකර තිබූ කොන්ක්‍රීට් තට්ටුවක් කඩා වැටීමෙන් අනතුර සිදුව ඇත.

    මියගොස් ඇත්තේ පළමු ශ්‍රේණියේ අධ්‍යාපනය ලබමින් සිටි සිසුවෙකි. එම සිසුවා මියගොස් ඇත්තේ කොළඹ ජාතික රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුවය.

    ජල නල සවිකර තිබූ අඩි 6 ක් පමණ උසින් යුත් කොන්ක්‍රීට් කොටසක් මෙසේ පෙරලී සිසුන් ඊට යටවී ඇතැයි මේ සම්බන්ධයෙන් විමර්ශන පවත්වන ග්‍රෑන්ඩ්පාස් පොලීසිය සඳහන් කරයි.

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.