තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්"ඊශ්‍රායලයේ නීතිවිරෝධීව රැඳීසිටි ලාංකිකයන්ට වීසා දීම අනුමත කරන්න බෑ"

    “ඊශ්‍රායලයේ නීතිවිරෝධීව රැඳීසිටි ලාංකිකයන්ට වීසා දීම අනුමත කරන්න බෑ”

    ඊශ්‍රායලයේ වීසා නොමැතිව, නීතිවිරෝධී අන්දමින් රැඳී සිටි ලාංකිකයන්ට වීසා ලබාදීම තමා අනුමත නොකරන බවත් එය නීතිවිරෝධී බවත් කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පවසයි.

    රජය විසින් දැනටමත් ඊශ්‍රායලය සහ මේ වනවිට ගැටුම් පවතින රටවල සේවයේ නිරත ශ්‍රී ලංකිකයින් යලි ගෙන්වා ගැනීමට අවශ්‍ය පහසුකම් සපයා ඇති නමුත් එරට ශ්‍රමිකයන් මෙතෙක් එවැනි ඉල්ලීමක් කර නැති බවද හෙතෙම පැවසීය.

    ඊශ්‍රායලයේ පැවති ගැටුම් හේතුවෙන් මරණයට පත් අනුලා රත්නායක මහත්මියගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට අද දහවල්, ඊරියවැටියේ පිහිටි ඇගේ නිවසට පැමිණ අවස්ථාවේදී අමාත්‍යවරයා මේ බව ප්‍රකාශය කර සිටියේය.

    එහි දී මාධ්‍යයට අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේද පැවසීය.

    “අනුලා විරසිංහ තම රාජකාරිය නිසිපරිදි ඉටුකරපු සාත්තු සේවිකාවක්. මා අද අපේ රජයේත් විදේශ කටයුතු අමාත්‍යාංශයේ සහ ඊශ්‍රායල් රජයේත් ශෝකය අනුලාගේ පවුලේ ඥාතීන් වෙත පල කලා. අනුලාට හිමිවිය යුතු සියළුම වංදිමුදල් ඒ අයුරින්ම ලබා දීමට ක්‍රියාකරනවා. ඊශ්‍රායලයේ සේවයේ නිරත අපේ ශ්‍රමිකයන්ට එරට සිටීම අනතුරුදායක නම් ඕනැම අවස්ථාවක, අපි ඔවුන් මව්බිමට ගෙන්වා ගන්න සූදානම්. නමුත් මෙතෙක් කිසිම කෙනෙක් ආපසු ඒමට කැමැත්ත පළකර ගෙන්වා ගන්නා ලෙස ඉල්ලීමක් කර නැහැ.

    යුද්ධය පවතින ප්‍රදේශවල සිටින පිරිස ආරක්ෂිත ස්ථානවල සිටින බවට තොරතුරු ලැබෙනවා. නමුත් ඊශ්‍රායලය පමණක් නෙවෙයි, ඒ අසල තිබෙන රටවල සේවයේ නිරත ලාංකික ශ්‍රමිකයන්ට පවා යුද්ධයෙන් අනතුරුදායක බවක් තිබේ නම් අපි ඔවුන් මේ රටට ගෙන්වා ගැනීමට අවශ්‍ය සියළුම කටයුතු සූදානම් කර තිබෙනවා. ඊශ්‍රායලයේ නෙවෙයි ලෝකයේ කුමන රටක හිටියත් මරණය අපි කරා එන්නේ ඒ අපි ගෙනා ආයුෂ අනුවයි. අපි පලස්තීනය පැත්තෙත් නෙවෙයි, ඊශ්‍රායලය පැත්තෙත් නෙවෙයි මධ්‍යස්ථ ප්‍රතිඵත්තියක් අනුව අපේ රට වැඩ කරන්නෙ. අපි යුද්ධයට අකමැති යි.

    මේ වන විට ඊශ්‍රායලයේ වීසා නොමැතිව සිටින ලාංකිකයන්ට වීසා දීම නම් මා අනුමත කරන්නෙ නැහැ. මා ඒ පුවත මාධ්‍ය වලින් ප්‍රචාරය වනවා දැක්කා. ලංකාවේ ජීවත්වෙන්න බෑ කියලා මේ රටින් ගිහින් ඒ රටේ නීතිවිරෝධී අන්දමින් රැදී සිටි අයට විසා දීම නීතිවිරෝධීයි. අපි නඩු දමා තිබෙන නීතිවිරෝධී ශ්‍රමිකයන්ට එරට තානාපතිතුමා මැදිහත්වී වීසා ලබාදීම මා නම් අනුමත කරන්නේ නැහැ.

    අනුලා වීරසිංහ ඒ රටේ යුද්ධයෙන් මියගිය වීරව‍රියක් ලෙස ඔවුන් සලකන්නේ. දෙරටක ජාතික ධජවලින් ආවරණය කර සේවය කරපු රටේ වීරවරියක් ලෙස නම්කරමින් ගෞරවාචාර දක්වා මෙරටට මෘතදේහය එව්ව පලමු කාන්තාව අනුලායි.” යැයි ද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

    වාසල සේනාරත්න

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img