fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ශ්‍රී ලංකාව ලෝක කුසලානයේ පළමු ජය සොයාගනී

    ශ්‍රී ලංකාව ලෝක කුසලානයේ පළමු ජය සොයාගනී

    නෙදර්ලන්තය සමඟ ලක්නව් හි අද(21) පැවැති තරගය කඩුලු 5කින් ජයගත් ශ්‍රී ලංකා කණ්ඩායම කුසල් මෙන්ඩිස්ගේ නායකත්වයෙන් ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු ජය වාර්තා කිරීමට සමත්විය.

    මෙයට පෙර තරග තුනක අමිහිරි පරාජයක් අත්විඳ තිබූ ශ්‍රි ලංකා කණ්ඩායම මෙම තරගයේ දී මෙරට ක්‍රීඩා ලෝලින් වෙනුවෙන් යම් බලාපොරොත්තුවක් දැල්වීය.

    කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහර දුන් නෙදර්ලන්ත කණ්ඩායම සිය පන්දුවාර පනහ අවසානයේ සියලුදෙනා දැවී ලකුණු 262ක් ලබා ගත්තේය. ලකුණු 91කට කඩුලු 6ක් දැවී තිබිය දී වාර්තාගත සබඳතාවක් පැවැත්වූ සයිබ්‍රැන්ඩ් එංගල්බෙච්ට් 70* සහ ලොගැන් වැන් බීක් 59 ලබාගනිමින් නෙදර්ලන්ත ඉනිම ශක්තිමත් කළහ.

    පන්දුවෙන් දස්කම් පෑ ඩිල්ෂාන් මදුශංක සහ කසුන් රාජිත කඩුලු 4 බැගින් බිඳ හෙලුහ.

    ජයග්‍රහණය හඹාගිය ශ්‍රි ලංකා කණ්ඩායමේ නියමුවා වූයේ තරගයේ වීරයා වෙමින් නොදැවී ලකුණු 91ක් ලබාගත් සධීර සමරවික්‍රමයි. ආරම්භක පිතිකරු පැතුම් නිශ්ශංක 54ක්,චරිත් අසලංක 44ක් සහ ධනංජය සිල්වා ලකුණු 30ක් ලබාගනිමින් ඊට අනගි සහයක් ලබා දුන්හ.

    නෙදර්ලන්තය 262 (50)

    ශ්‍රී ලංකාව 263/5 (48.2)

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.