ඊශ්‍රායලයේදී හමාස් සටන්කාමීන් විසින් ඛේදජනක ලෙස මරා දැමූ ශ්‍රී ලාංකික කාන්තාව සම්බන්ධයෙන් ඇයගේ පවුලේ සාමාජිකයින්ට ද ඊශ්‍රායල ජාතිකයින්ට හා සමාන වරප්‍රසාද සහ අයිතිවාසිකම් ලැබෙන බව ඊශ්‍රායල PIBA සංවිධානය නිල වශයෙන් තහවුරු කර තිබේ.
ඇය මෙරට විදේශ සේවා කාර්යංශයේ ලියාපදිංචි වී ඊශ්‍රායලයේ නීත්‍යුනුකූල ලෙස සේවය කරන ලද බැවින් මෙම අයිතිය හිමිවන බව එම කාර්යංශය කියයි.
පසුගිය 7 වැනිදා ඊශ්‍රායලයට එල්ල වූ හමාස් ප්‍රහාරය අතරතුදී එරට සේවය කරමින් සිටියදී, අනුලා රත්නායක (ජයතිලක) මහත්මිය ජිවිතක්ෂයට පත්ව තිබුණි. ඇය මෙරට සිටියදී කැලණිය ඊරියවැටිය ප්‍රදේශයේ පදිංචිව සිටියාය.
මේ බව ඊශ්‍රායල් පොලිස් දෙපාර්තුමේන්තුවේ ජාත්‍යන්තර අංශය විසින් ඊයේ උදෑසන මෙරට බලධාරීන් වෙත තහවුරු කරන ලදී.
අදාල දේහය දින දෙකක් තුළ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට ලබාදීමට නියමිතය.
දේහය හදුනාගැනීමෙන් පසු අයගේ දේහයට අවසන් ගෞරව දැක්වීම හා ආගමික වතාවත් සිදුකිරිම පිළිබඳව තොරතුරු ඉක්මනින්ම ලබාදෙන බවත් අදාල කටයුතු අවසන් වූ වහාම දේහය අයගේ පවුලේ සාමාජිකයන් වෙත යැවීමට කටයුතු කරන බවත් එරට සිටින ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා සඳහන් කළේය.
කෙසේවෙතත් ඊශ්‍රායලයේ යුද ගැටුම් හා ලෙබනනයේ තත්තවය දෙස ද සමීපව නිරීක්ෂණය කරමින් සිටින බව මෙරට බලධාරීහු අවධාරණය කරති.