බදුල්ල, හල්දුම්මුල්ල, කොස්ලන්ද, මීරියබැද්ද ප්‍රදේශය අවට පදිංචිව සිටි පවුල් 244ක් පදිංචි ස්ථානවලින් වහාම ඉවත් කොට ආරක්ෂිත ස්ථාන කරා යොමු කර තිබේ.
ඒ දැඩි වර්ෂාවත් සමඟ නායයාමේ දැඩි අවධානමක් මතු විම හේතුවෙනි.
ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ නිර්දේශයන් අනුව මෙම තීරණය ගත් බව හල්දුම්මුල්ල ප්‍රාදේශිය ලේකම් කේ.ඒ.ඒ ප්‍රියංකා මහත්මිය පැවසුවාය.
ඒ අනුව මෙයට පෙර නායයෑමට ලක්වූ මීරියබැද්ද ප්‍රදේශයේ හා ඊට නුදුරින් පිහිටි ප්‍රදේශවල පදිංචි ජනතාව මෙලෙස ඉවත්කර තිබේ.
හල්දුම්මුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කොස්ලන්ද මීරියබැද්ද ප්‍රදේශයේ 2014 ඔක්තෝබර් 29 වැනිදා උදෑසන සිදු වූ දරුණු නායයෑමෙන් පුද්ගලයන් 192නෙකු පමණ මරණයට පත් වූ අතර පවුල් 100ක් පමණ අවතැන් විය.
කොළඹ මඩකලපුව A4 ප්‍රධාන පාරේ කොස්ලන්ද දෙමළ විදුහල අසලින් දකුණට යන මාර්ගයේ කිලෝ මීටර් 3ක් පමණ ගිය තැන අක්කර 10ක පමණ ප්‍රදේශයක් එම නායයාමෙන් පස්වලින් සම්පූර්ණයෙන්ම යට විය. ඊට ගොදුරු වූයේ වතු නිවාස අට බැගින් වූ පේලි නිවාස(ලයින් කාමර) සමූහයකි.