තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්'එක් තීරයක් එක් මාවතක්’ වෙත ජගත් සංවිධානයෙන් පැසසුම්

    ‘එක් තීරයක් එක් මාවතක්’ වෙත ජගත් සංවිධානයෙන් පැසසුම්

     
    එක් තීරයක් එක් මාවතක් වැඩපිළිවෙළෙන් බොහෝ සංවර්ධනය වෙමින් පවතින රටවල් විවිධ සංවර්ධන අවස්ථා අත්කර ගෙන ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි. “එක් තීරයක් එක් මාවතක්” වැඩපිළිවෙළ අගය කරමින්  ජගත් සංවිධානයේ නිලධාරීන් විවිධ අදහස් පළ කර තිබේ.
     
    එම වැඩපිළිවෙළ ප්‍රවර්ධනය පිළිබඳ චීන රජයේ දැක්ම සහ නායකත්වය එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 78 වැනි සැසිවාරයේ සභාපති ඩෙනිස් ෆ්‍රැන්සිස් මහතා ප්‍රශංසාවට ලක්කරයි. එක්සත් ජාතීන්ගේ 2030 තිරසර සංවර්ධන න්‍යාය පත්‍රය සඳහා එම වැඩපිළිවෙළ ශක්තිමත් සහයෝගයක් ලබා දෙනු ඇතැයි ද හෙතෙම පවසා ඇත.
     
    “එක් තීරයක් එක් මාවතක්” වැඩපිළිවෙළට සහභාගි වන බොහෝ සංවර්ධනය වෙමින් පවතින රටවල් එය සංවර්ධන අවස්ථාවක් ලෙසට සලකන අතර,  ඉන් ඔවුන් වඩාත් වැඩි සංවර්ධන විකල්පයන් ද  අත්කර ගෙන ඇති බව එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ පරිපාලක Achim Steiner මහතා පෙන්වාදෙයි.

    නව කොරොනා වසංගතයෙන් පසු සංවර්ධනය වෙමින් පවතින රටවල ආර්ථික ප්‍රකෘතිමත් භාවය වෙනුවෙන් චීනය වැදගත් දායකත්වයක් ලබා දී ඇති බවත්, එක්සත් ජාතීන්ගේ 2030 තිරසර සංවර්ධන ඉලක්ක සඳහා ද එය දැඩි ලෙස සහාය වනු ඇති බවත් හෙතෙම පවසා තිබේ.
     

    NewsWave බෙයිජිං වාර්තාකරු

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img