තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්"ජනතාව ගැන සිතා IMF ඇතැම් යෝජනාවලට රජය එකඟ වුණේ නෑ"

    “ජනතාව ගැන සිතා IMF ඇතැම් යෝජනාවලට රජය එකඟ වුණේ නෑ”

    ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) ඇතැම් යෝජනා සම්බන්ධයෙන් රජයක් ලෙස එකඟ නොවන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

    එය මහජනතාව මත බර වැඩි වනු ඇතැයි විශ්වාස කරන බැවින් එකඟ නොවූ බව හෙතෙම කියාසිටියේ ජර්මනියේ DW පුවත් සේවය සමඟ සම්මුඛ සාකච්ඡාවට එක්වෙමිනි.

    එවැනි එකඟ විය නොහැකි යෝජනා වෙනුවට රජය විසින් IMF වෙත විකල්ප යෝජනා ඉදිරිපත් කරන්නැයි එම ආයතනය ඉල්ලා ඇති බවද හෙතෙම කීය.

    IMF විසින් මෙරටට ලබාදීමට නියමිත දෙවැනි වාරිකය නවතා ඇතැයි ප්‍රකාශයක් කර නොමැති බවත්, තවත් ඉටුකිරීමට යෝජනා ගණනාවක් ඇති බැවින් එම ආයතනයේ කාර්‍ය මණ්ඩල සාකච්ඡාවක් සඳහා සහභාගී වී ඒ පිළිබඳ දීර්ඝ ලෙස කරුණු දැක්වීමට එකඟ වූ බවත් ජනාධිපතිවරයා එහිදී කියාසිටියේ ය.

     

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img