fbpx
තවත්

    සී.ඩී. යයි ද?

    පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතාට ලබාදී ඇති දෙවැනි සේවා දිගුව ඉදිරි සතියේදී අවසන් වීමට නියමිතව ඇත. තවදුරටත් ඔහුට සේවා දිගුවක් ලැබේවිද නැතිද? යන්න පිළිබඳව තීරණය ඇත්තේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අත ය.

    සී.ඩී.ගෙන් පසු පොලිස්පතිධූරය දැරීමට ජ්‍යෙෂ්ඨත්වයෙන් පිළිවෙලින් සිටින්නේ පොලිස් පරිපාලන අංශ ප්‍රධානියා වන නිලනන්ත ජයවර්ධන, මධ්‍යම පළාත් භාර පොලිස් ප්‍රධානියා වන ලලිත් පතිනායක හා බස්නාහිර පළාත්භාර පොලිස් ප්‍රධානී දේශබන්දු තෙන්නකෝන් යන මහත්වරුන්ය.

    සී.ඩී. වික්‍රමරත්න මහතාට සේවා දිගුවක් තවදුරටත් ලබානොදෙන ලෙස ජාතික පොලිස් කොමිසමෙන් ජනාධිපතිවරයාට ඉල්ලීමක් යොමුව ඇති බවට වූ රාවයක්ද පසුගිය දිනවල පැවතුනි. මේ ගැන ජාතික පොලිස් කොමිෂන් සභාවේ උසස් නිලධාරීන් කිහිප දෙනෙකුගෙන්ම විමසීමක් කළේය. එහිදී එම නිලධාරීන් පවසනු ලැබුවේ පොලිස්පතිධූරය සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට බලපෑම් කිරීමට ජාතික පොලිස් කොමිෂන් සභාවට නීතිමය අවකාශයක් නොමැති බවය. ජාතික පොලිස් කොමිෂන් සභාවේ බල වපසරිය ඇත්තේ පොලිස්පති හැරුණුකොට සෙසු නිලධාරීන් සම්බන්ධයෙන් සහ පොලීසියේ සෙසු පරිපාලන කටයුතු සම්බන්ධයෙන් පමණක් බවත් පමණක් බවය. පොලිස් දෙපාර්තමේන්තුව හරි පාරට ගෙන යාමට එම බලය හොදටෝම ප්‍රමාණවත් බව ඒ අය සඳහන් කළේය.

    සී.ඩී.ට තවදුරටත් සේවා දිගුවක් ලබා දෙන්නේද? අලුත් පොලිස්පතිවරයෙක් පත්කරන්නේද? යන්න පිළිබද නිෂ්චිත තීරණයකට ජනාධිපතිවරයා එළඹ ඇති බවට කිසිදු තීරණයක් ජනාධිපති කාර්යාලය පැත්තෙන් මෙතෙක් ඉගි ලැබෙන්නේද නැත. පොලිස්පතිවරයා සම්බන්ධයෙන් වූ ජනාධිපතිවරයාගේ අවසන් තීන්දුව ලබන සතියේදී ප්‍රකාශයට පත්වනු ඇති බව ජනාධිපතිවරයාට සමීප ආරංචි මාර්ග අනාවරණය කළේය.

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස දක්වන්න.

    කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් ඉදිරිපත් කරන්න!
    කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න