තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්සිනොපෙක් මිලේ වෙනසක් - සෙසු ඉන්ධන මිල ගැන තීරණය හෙට

    සිනොපෙක් මිලේ වෙනසක් – සෙසු ඉන්ධන මිල ගැන තීරණය හෙට

    මිල සූත්‍රයට අනුව මෙවර ඉන්ධන මිල සංශෝධනය හෙට (02) මධ්‍යම රාත්‍රියේ සිට සිදුකිරීමට නියමිත බව විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය සඳහන් කළේය.

    මිල සූත්‍රයට අනුව සෑම මසකම පළමු වන දින ඉන්ධන මිල සංශෝධනය සිදුකෙරුණි.

    කෙසේවෙතත් ඉරිදා දිනයක් බැවින් අද දිනයේ එම මිල සං‍ශෝධනය සිදුනොවූ අතර එය අනිද්දා දිනයේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිතය.

    මිල සූත්‍රයට අනුව පසුගිය මාසයේ දී ඉන්ධන මිලෙහි සැලකිය යුතු වැඩිවීමක් සිදුවුණි.

    මේ අතර අද (01) සවස 6.00 න් පසුව ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල වැඩිකිරීමට සිනොපෙක් සමාගම තීරණය කර තිබේ.

    ඒ අනුව, රුපියල් 356 ක් ව පැවති සුපර් ඩීසල් ලීටරයක් රුපියල් 417 ක් ලෙස රුපියල් 61 කින් වැඩි කර ඇත.

    අනෙකුත් ඉන්ධන මිල වැඩිවීම් පහත පරිදි සිදුකර තිබේ.

    ඔක්ටේන් 95පෙට්ට්‍රල් ලීටරයක පැවති මිල රුපියල් 414 ක් වන අතර එහි නව මිල රුපියල් 420 ක් ලෙස රුපියල් 6 කින් ද,

    ඔටෝ ඩීසල් ලීටරයක පැවති මිල රුපියල් 338 ක් වන අතර එහි නව මිල රුපියල් 348 ක් ලෙස රුපියල් 10 කින් ද වැඩිවී ඇත.

    ඔක්ටේන් 92 පෙට්‍රල් සංශෝධනයක් සිදුකර නැත.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img