fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්දිනේෂ් චන්දිමාල්ගෙන් උපන් ගමට ලක්ෂ 200ක පරිත්‍යාගයක්

    දිනේෂ් චන්දිමාල්ගෙන් උපන් ගමට ලක්ෂ 200ක පරිත්‍යාගයක්

    ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක, ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක සහ අම්බලගොඩ ධර්මාශෝක විදුහලේ දීප්තිමත් ආදි ශිෂ්‍ය, දිනේෂ් චන්දිමාල් ලොකුගේ මහතා සිය පුද්ගලික ධන පරිත්‍යාගයෙන් ඉදිකළ “රන්ජිත් පණ්ඩිතගේ” ගෘහස්ථ ක්‍රීඩාංගණය ලෝක ළමා දිනය යෙදෙන අද දිනයේ අම්බලන්ගොඩ ප්‍රදේශයේ දරුවන් වෙනුවෙන්පරිත්‍යාග කරන ලදි.

    අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයේ විදුහල්පතිනි සනූජා ජයවික්‍රම මහත්මියගේ මගපෙන්වීම යටතේ එම විද්‍යාලයට අයත් බිමක රු.ලක්ෂ 200ක වියදමින් ඉදිකළ මෙම ගෘහස්ථ ක්‍රීඩාංගණය සදහා සම්පූර්ණ වියදම දරන ලද්දේ දිනේෂ් චන්දිමාල් ලොකුගේ මහතාගේ පුද්ගලික ධන පරිත්‍යාගයෙන් වීම විශේෂත්වයකි.

    ධර්මාශෝක විද්‍යාලයේ බිමක ඉදිවුණ ද මෙම ගෘහස්ථ ක්‍රීඩාංගණයේ පුහුණු වීම් සදහා අම්බලන්ගොඩ දේවානන්ද විදුහලේ සහ කුලරත්න විදුහලේ දරුවන්ටද අවස්ථාව හිමිවනු ඇත.

    දිවා රාත්‍රී පුහුණුවීම්වල යෙදිය හැකි මෙම ක්‍රීඩාංගනය “රංජිත් පණ්ඩිතගේ” ගෘහස්ථ ක්‍රීඩාංගනය ලෙස නම් කිරීමද දිනේෂ් විසින් කල තවත් කෘතගුණ සැලකීමකි. එනම් කොලඹ ආනන්ද විදුහලේ ක්‍රීඩා කරන සමයේ සිට ජාතික කණ්ඩායමේ ස්ථාවර වනතුරුම තම අභිවෘද්ධිය වෙනුවෙන් කැප වූ ඩිමෝ සමූහ ව්‍යාපාරයේ සභාපතිවරයා වන රංජිත් පණ්ඩිතගේ මහතාට කල කෘතගුණ සැලකීමක් ලෙසයි.

    යුධ හමුදාපති තුමන්ගේ පූර්ණ ආශිර්වාදයෙන් ,ශ්‍රී ලංකා යුධ හමුදාවේ ශ්‍රම දායකත්වය මත මේජර් ජෙනරාල් බිමල් විදානගේ මහතාගේ සැලැස්ම හා මග පෙන්වීම යටතේ දිනේෂ් චන්දිමාල් ලොකුගේ මහතාගේ මුල්ම පුහුණුකරු වන අශෝක කුමාර මහතාගේ දැඩි කැමවීම මත මෙහි ඉදිකිරීම් සිදුවිය.

    ධර්මාශෝක ව්ද්‍යාලය වෙනුවෙන් වයස අවුරුදු 13න් පහල,15න් පහල සහ 17 පහල කණ්ඩායම් වෙනුවෙන් ක්‍රීඩා කළ දිනේෂ් 2004,2005 වසරවලදී විද්‍යාලයීය මහා ක්‍රිකට් තරග සදහා ද ක්‍රීඩාකරන ලදි.

    කවදා හෝ තම ගම් ප්‍රදේශයෙන් ජාතික කණ්ඩායම නියෝජනය කරන කෙනෙක් බිහිවනු දැකීම තම එකම පැතුම බව දිනේෂ් චන්දිමාල් මෙහිදී ප්‍රකාශ කළේය.

     

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස දක්වන්න.

    කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් ඉදිරිපත් කරන්න!
    කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න