fbpx
තවත්
    මුල් පිටුවCOVIDකොවිඩ් නිසා කළු දිලීරයක් - ඉන්දියාවේ 9ක් මරුට - දෙදෙනෙක් අන්ධ වෙති

    කොවිඩ් නිසා කළු දිලීරයක් – ඉන්දියාවේ 9ක් මරුට – දෙදෙනෙක් අන්ධ වෙති

    කොවිඩ් රෝගීන්ට වැළඳෙන දුර්ලභ දිලීර ආසාදනයක් වන කළු දිලීර හෙවත් මියුකෝමයිකෝසිස් ඇතිවීම හේතුවෙන් ඉන්දියාවේ පූනේහි පිම්ප්‍රි-චින්ච්වාඩ් නගරයේ රෝහලකදී 9 දෙනෙක් මියගොස් ඇති බව එරට පුවත් වාර්තා කරයි.

    එමෙන්ම තවත් රෝගීන් දෙදෙනෙකුගේ පෙනීම නැති වී තිබේ.

    පසුගිය මාස 2 සිට එම නගරය තුළ කළු දිලීර ආසාදන ඇතිවීම් ඉහළ ගොස් තිබේ.

    වෛද්‍ය රාජේන්ද්‍ර වේබල් මහතා පැවසුවේ රෝහල තුළ පමණක් මේ වන විට මරණ 9 ක් සිදුව ඇති බවත් රෝගීන් 40-50 අතර ප්‍රමාණයක් ඊට ප්‍රතිකාර ලබන බවත්ය.

    ප්‍රතිකාර ලබමින් සිටින මුළු රෝගීන්ගෙන් අඩක්ම සුවය ලැබීමෙන් පසු නිදහස් කර ඇත. ඔවුන්ගෙන් සෙසු අය ප්‍රතිකාර සඳහා වෙනත් රෝහල්වලින් මෙම රෝහල වෙත පැමිණ ඇත.

    මියුකෝමයිකෝසිස් යනු එම මරණවලට මූලික හේතුව වන බව වෛද්‍යවරුන්ගේ අදහසයි.

    Mucormycosis හටගන්නේ වෛරසය නිසාය. රෝගියා ප්‍රතිකාර ලබමින් සිටියදී හෝ රෝගියා COVID වලින් සුවය ලැබීමෙන් පසුව එය සිදුවිය හැකි බව වෛද්‍යවරු පෙන්වා දෙති.

    වෛද්‍ය වේබල් පැවසුවේ COVID-19 රෝගියා සුවය ලබා රෝහලෙන් පිටව ගිය පසු ඔහු හෝ ඇය වෛද්‍යවරුන් විසින් නියම කරනු ලබන ඖෂධ නියමයන් දැඩි ලෙස පිළිපැදිය යුතු බවයි.

    “රුධිර කැටි ඇති වීම සම්බන්ධයෙන් දෙන ඖෂධ නිතිපතා ගත යුතුය. සමහර රෝගීන් හදිසියේම බේත් වෙලාවට ගැනීම නවත්වන අතර එය තමන්ට අහිතකර විය හැකියි. මේ නිසා නාසයේ හෝ හකු මත කළු දිලීර සෑදීමට ඉඩ ඇත.” වෛද්‍යවරු අවධාරණය කරති.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.