fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්සරසවි වරම් ලැබූවන්ට පණිවිඩයක්

    සරසවි වරම් ලැබූවන්ට පණිවිඩයක්

    2022 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට අදාළ විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා අයැදුම්පත් කැඳවීම ලබන 14 වැනිදා සිට ආරම්භ කරන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පවසයි.

    විද්‍යුත් තැපෑල ඔස්සේ විශ්වවිද්‍යාල අයැදුම්පත යොමු කළ හැකි බව එහි සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා පැවසීය.

    විශ්වවිද්‍යාල ප්‍රවේශ අත්පොත් මේ වනවිටත් නිකුත් කර අවසන් ය.

    ප්‍රාදේශීය මට්ටමින් ලියාපදිංචි පොත්සැල්, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ ලියාපදිංචි පොත්සැල්, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභා පරිශ්‍රයෙන්, තැපැල් ඇණවුම් මගින් සහ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ වෙබ් අඩවිය හරහාත් අදාළ මුදල් ගෙවා ප්‍රවේශ අත්පොත බාගත කර ගත හැකියි.

    පොත් බෙදාහැරීමේ නියෝජිතයින් පිළිබඳ තොරතුරු www.ugc.ac.lk නිල වෙබ් අඩවියෙන් ලබාගත හැකිය.

    මෙවර සිසුන් 45,000 ක් පමණ ජාතික විශ්වවිද්‍යාල පද්ධතියට තෝරා ගැනීමට බලාපොරොත්තු වන බව සම්පත් අමරතුංග මහතා වැඩිදුරටත් පැවසීය.

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස දක්වන්න.

    කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් ඉදිරිපත් කරන්න!
    කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න