fbpx
තවත්
    මුල් පිටුවදේශීය පුවත්කතකගේ ගෙල බැදි රන් මාලය කැඩූ ගුවන් සෙබළා කොටුවෙයි

    කතකගේ ගෙල බැදි රන් මාලය කැඩූ ගුවන් සෙබළා කොටුවෙයි

    කොළඹ කොටුවේදී කාන්තාවකගේ ගෙල බැදි රන් මාලයක් කොල්ලකා පළාගිය ගුවන් හමුදා සෙබලෙකුව කොටුව පොලීසිය ඊයේ (05) අත්අඩංගුවට ගෙන ඇත.

    මෙම කොල්ලය සිදුකර ඇත්තේ පසුගිය 04 වෙනිදා සවස් කාලයේදීය.

    මෙම කොල්ලයට අත්අඩංගුවට ගෙන ඇත්තේ ගාල්ල යක්කලමුල්ලේ පදිංචිකරුවෙක් වන 32 හැවිරිදි නාවික ගුවන් භටයෙකි.

    මෙම ගුවන් සෙබලා මත්කුඩු භාවිතයට ඇබ්බැහි වී සිටින බව පෙනී යන බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.

    කුමාර ජයවර්ධන

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.