තවත්
    මුල් පිටුවදේශීය පුවත්ඩෙංගු රෝගීන්ගෙන් 20% ක් පාසල් දරුවන්

    ඩෙංගු රෝගීන්ගෙන් 20% ක් පාසල් දරුවන්

    ඩෙංගු රෝගීන්ගෙන් 20% ක් පාසල් දරුවන් බව, ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.

    එහි අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය නලින් ආරියරත්න මහතා සඳහන් කළේ , වර්ෂාවත් සමග මදුරු ඝණත්වය වැඩිවීමේ අවදානමක් පවතින බවයි.

    ඩෙංගු රෝගීන්ට ප්‍රතිකාර කිරීමට අදාළ රජයේ රෝහල් මේ වනවිට නම් කර ඇතැයි ද ඔහු පැවසුවේ ය.

    වසරේ මේ දක්වා කාලය තුළ හඳුනාගගෙන ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 62,029 කි.

    ඉන් වැඩිම රෝගින් වාර්තා වී තිබෙන්නේ බස්නාහිර පළාතෙන් ය.

    එම සංඛ්‍යාව 30,271 කි.

    වසරේ මේ දක්වා වාර්තා වී ඇති ඩෙංගු මරණ සංඛ්‍යාව 38 ක් පමණ වෙයි.

    ගනේශ් වීදියබණ්ඩාර

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img