fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්නවදිල්ලියෙන් රිලවු එළවයි

    නවදිල්ලියෙන් රිලවු එළවයි

    ඉන්දියාවේ නව දිල්ලි බලධාරීන් විසින් දැඩි අභියෝගයක් වී ඇති නගරයේ සිටින රිලවුන සහ වදුරු විශේෂ පලවාහැරීමට විශේෂ වැඩසහනක් දියත් කර ඇති බව එරට මාධ්‍ය වාර්තා කරයි.

    එළැඹෙන සතියේදී ජී-20 රටවල සමාජිකයින්ගේ සහභාගීත්වෙන් නව දිල්ලි නුවර පැවැත්වීමට නියමිත සමුළුව නිමිත්තෙන් මෙලෙස නගරයේ සිටින රිලවුන් ඇතුළු වදුරන් පලවාහැරීමට තීරණය කර ඇති බවට අනාවරණය වේ.

    ඒ අනුව රිලවුන් සහ කුඩා ප්‍රමාණයේ වඳුරු විශේෂ බියක් දක්වන විශාල වඳුරන් වීශේෂයක් වන අළු වදුරන්ගේ විශාල පෝස්ටර් සහ පුවරු නගරය පුරා සවිකිරීමටද පියවර ගෙන ඇති බව නව දිල්ල මහ නගරසභාව සඳහන් කරයි.

    මේ අතර හෝටල්වල සහ ජී20 සමුළුව පැවැත්වෙන ස්ථානවලින් වඳුරන් ඈත්කර තැබීමේ උත්සාහයක් සඳහා අළු වදුරන් විසින් නිකුත් කරන ශබ්දය අනුකරණය කිරීමේ හැකිවක් ඇති විශේෂ පුහුණුවක් සහිත සේවකයින් 40නෙකු ද යොදවා ඇති බවද නව දිල්ලි නගරසභාව සඳහන් කරයි.

    එමෙන්ම නව දිල්ලි නගර සභාවේ උප සභාපති සතිෂ් උපාධ්‍යායි පැවසුවේ, වඳුරන් ප්‍රභූවරුන්ගේ රථ පෙළපාලියට බාධාවක් නොවන පරිදි නගරයෙක් මදක් ඔබ්බෙන් වූ ප්‍රදේශවල දිල්ලි වනසංරක්ෂණ දෙපාර්තමේන්තුව සමඟ සම්බන්ධීකරණයෙන් තාවකාලික රදවා තබාගැනීමට පියවර ගන්නා බවයි.

    දිල්ලිය නගරයේ සිටි වඳුරු ගහනය සම්බන්ධයෙන් කිසිදිනෙක සංගණනයක් සිදුකර නොමැත. කෙසේවෙතත්, ඔවුන්ගේ විශාල වර්ධනයක් සිදුව ඇති බව සනාථ කරමින් නරගයේ පුරා වඳුරන්ගේ ප්‍රහාරවලට ලක්වන ජනතාව සම්බන්ධයෙන් නිතිපතා වාර්තා වේ.

    මේ අතර 2007 වර්ෂයේදී දී නව දිල්ලියේ වඳුරු ගහනය සම්බන්ධයෙන් වැඩි අවධානයක් දිනාගැනීමට සමත්විය. ඊට ප්‍රධානතම හේතුව වුයේ එවකට නව දිල්ලියේ නියෝජ්‍ය නගරාධිපති එස්එස් බජ්වා වඳුරන්ගේ ප්‍රහාරයට ලක්ව ඔහුගේ නිවසේ ඉහළ මහලයෙන් වැටී හිසට සිදු වූ තුවාලවලින් වී මියයාමයි.

    එම සිදුවීමෙන් අනතුරුව දිල්ලි මහාධිකරණයේ නියෝග අනුව දිල්ලි නාගරික අධිකාරිය වඳුරන් අසෝලා භාට්ටි වනජීවී අභයභූමියට ගෙනයාමට පියවර ගෙන තිබිණි.

    ඒ අනුව පසුගිය වසර 16 තුළ වඳුරන් 21,000කට අධික සංඛ්‍යාවක් අසෝලා භාට්ටි වනජීවී අභයභූමියට ගෙනගොස් ඇති බවද නව දිල්ලි නාගරික අධිකාරියේ නිලධාරීන් පවසයි.

    මේ අතර මෙම වසරේ මැයි මාසයේදී, වීදි බළලුන්ට හෝ බල්ලන්ට සමාන ලෙස සැලකීමට ඉඩ සලසන වනජීවී ආරක්ෂණ පනතෙන් රිලවුන් ඉවත් කරන ලදී.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.