තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්විශ්වාසභංගය එන දිනවලදී ආණ්ඩු පක්ෂයේ මැතිඇමතිලාට මැතිසබේ අනිවාර්යයි

    විශ්වාසභංගය එන දිනවලදී ආණ්ඩු පක්ෂයේ මැතිඇමතිලාට මැතිසබේ අනිවාර්යයි

    ලබන මස 05,06,07 සහ 08 දිනයන්හිදී ආණ්ඩු පක්ෂයේ සියලුම මැති ඇමතිවරුන් අනිවාර්යයෙන්ම පාර්ලිමේන්තුවේ රැඳී සිටිය යුතු බව නිවෙිදනයක් නිකුත් කරමින් ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන කාර්යාලය පවසයි.

    එම දිනයන්හිදී සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව විවාදයට ගැනීමට නියමිතව ඇත.

    එමෙන්ම වැදගත් මුදල් හා අධිකරණ පනත් කීපයක් විවාදයට ගැනීමට නියමිත බදව අදාළ නිවේදනයේ සඳහන් වෙි.

    එබැවින් එම දිනයන් හි සියළුම ආණ්ඩු පක්ෂයේ සියලුම මැති ඇමතිවරුන් පාර්ලිමේන්තුවට පැමිණීම අනිවාර්ය බවත්, විදේශ ගමන් හෝ කොළඹින් බැහැර වෙනත් අවශ්‍යතා යොදා ගැනීමෙන් වළකින ලෙසත් ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක කාර්යාලය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

    ගනේශ් වීදියබණ්ඩාර

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img