තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්චීන ව්‍යාපාරිකයෙකුට ගිනිඅවි පෙන්වා කෝටි ගාණක් කොල්ලකාලා

    චීන ව්‍යාපාරිකයෙකුට ගිනිඅවි පෙන්වා කෝටි ගාණක් කොල්ලකාලා

    චීන ජාතික ව්‍යාපාරිකයෙකු පදිංචිව සිටින බොරැල්ල ලේක් ඩ්‍රයිව් හී පිහිටි නිවසකට පෙරේදා (19) රාත්‍රී කාලයේ කඩාවැදුණු සන්නද්ධ පුද්ගලයින් තිදෙනෙක් රුපියල් ලක්ෂ 416කට අධික වටිනාකමක් ඇති මුදල් හා දේපොල කොල්ලකා පළාගොස් ඇත.

    Su Zu Qing නැමැති 38 වියැති චීන ජාතික ව්‍යාපාරිකයා බොරැල්ල පොලීසියට පැමිණිලිකරමින් සඳහන්කර ඇත්තේ නිවසට කඩාවැදුණු කොල්ලකරුවන් ගිනි අවි පෙන්වා තමාගේ භාෂා පරිවර්ථක හා නිවසේ අරක්කැමියාව බිය ගන්වා දෑත් දෙපා ගැටගසූ බවය. අනතුරුව ඔවුන් නිවසේ තිබුණු අමෙරිකානු ඩොලර්, යුවාන්, තායි මුදල්, හොංකොං ඩොලර්, ඩිරාම් යන විදෙස් මුදල්ද, ශ්‍රී ලංකා මුදල්ද, ජංගම දුරකථන 11ක්, ලැප්ටොප් 07ක්, අර්මාන් වර්ගයේ අත්ඔරලෝසුවක්, විදෙස් මත්පැන් බෝතල් 05ක්, කොල්ලකා ඇති බව පොලීසිය කියයි. ඊට අමතරව නිවසේ තිබුණු කේ.ඩී.එච්. වර්ගයේ වෑන් රථයද කොල්ලකා පළාගොස් ඇත්තේ ආරක්ෂක කැමරා දත්ත පද්ධතියද රැගෙන බව පොලීසිය කියයි.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img