fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්බැංකුවලින් ණය දෙද්දි ලබන සතියේ සිට වෙන්න යන දේ..

    බැංකුවලින් ණය දෙද්දි ලබන සතියේ සිට වෙන්න යන දේ..

    වාණිජ බැංකුවල ණය දීමේ හැකියාව ලබන සතියේ සිට රුපියල් කෝටි 20,000 කින් පමණ ඉහළ යනු ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය.

    වාණිජ බැංකු මහ බැංකුවේ පවත්වාගෙන යා යුතු තැන්පතු ප්‍රතිශතය 4% සිට 2% දක්වා පහත හෙලීම නිසා වානිජ බැංකු වල ණය දීමේ හැකියාව එලෙස වැඩි වන බව ද සියඹලාපිටිය මහතා කීය.

    ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය ඉකුත් දා රැස්වී, වාණිජ බැංකු විසින් මහ බැංකුවේ තැන්පත් කළ යුතු මුදල් ප්‍රතිශතය පහත දැමූ අතර, එය ලබන 16 වැනි දින සිට ක්‍රියාත්මක කිරීමට ද තීරණය කළේය.

    එම තීරණය නිසා වාණිජ බැංකු සතුව වැඩිපුර මුදල් රැස් වන අතර ඒවා ගනුදෙනුකරුවන්ට ණය වශයෙන් ලබාදීමට හැකි බවද මහ බැංකුව සඳහන් කරයි.

    1 Comment

    ඔබේ අදහස් දක්වන්න.

    %d bloggers like this: