තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්සමෘද්ධිය ආයෙත් මාස්පතා දෙයි

    සමෘද්ධිය ආයෙත් මාස්පතා දෙයි

    මේ මාසයේ සිට සමෘද්ධිලාභීන් 393,094 කට යළිත් මාසිකව ප්‍රතිලාභ ලබාදෙන බව සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව පවසයි.

    ඒ, අස්වැසුම යෝජනා ක්‍රමයට තෝරා නොගත් සමෘද්ධිලාභීන්ට ප්‍රතිලාභ ගෙවීමට රජය පසුගියදා ගත් තීරණයත් සමගය.

    සමෘද්ධි අධ්‍යක්ෂ ජනරාල් බන්දුල තිලකසිරි මහතා සඳහන් කළේ සමෘද්ධි බැංකු හරහා ඔවුන්ට හිමි වාරික ගෙවීමට සැලසුම් කර ඇති බවයි.

    ඒ අනුව සමෘද්ධි දීමනාව ලබා ගනිමින් අස්වැසුම සමාජ සුභසාධක ප්‍රතිලාභ වැඩසටහනට අයැදුම් කළ 12,80,000 ටම සමෘර්ධි හෝ අස්වැසුම ප්‍රතිලාභ දීමනාවක් හිමිවේ.

    මේ අතර සමෘද්ධි නිලධාරීන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් චාමර මද්දුමකළුගේ මහතා සඳහන් කළේ, සමෘද්ධි ලාභීන්ට ද අස්වැසුම ප්‍රතිලාභීන්ට ගෙවන දීමනාව ගෙවිය යුතු බවයි.

    ගනේශ් වීදියබණ්ඩාර

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img