fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්රෝගියකුගේ ආන්දෝලනාත්මක මරණය ගැන වාර්තාවක් දුන් දොස්තරගේ වංචාවක් හෙළිවෙයි

    රෝගියකුගේ ආන්දෝලනාත්මක මරණය ගැන වාර්තාවක් දුන් දොස්තරගේ වංචාවක් හෙළිවෙයි

    ප්‍රධාන රෝහලක වෛද්‍ය නිලධාරියෙක් නීතිවිරෝධී ලෙස සේවය කර මාස හතක් තිස්සේ වැටුප් ලබාගෙන ඇතැයි සෞඛ්‍ය අංශ ආරංචි මාර්ග කියයි.

    ශ්‍රී ලංකා වෛද්‍ය සභාව මගින් එම වෛද්‍ය නිලධාරියාගෙ සේවය මාස අටකට අත්හිටුවා ඇති අතර ඒ පිළිබඳ නොසලකා ඔහු පෙර පරිදිම රාජකාරි කර වැටුප් ද ලබා ගෙන ඇතැයි වාර්තා වේ.

    රෝගියකුගේ මරණයක් සම්බන්ධ පරීක්ෂණයක දී ද මෙම වෛද්‍යවරයා වාර්තාවක් ඉදිරිපත් කර තිබෙන්නේ ඔහුගේ සේවය අත්හිටවූ අත්හිට වූ කාලයේ දී විම වීම විශේෂත්වයකි.

    එම ආන්දෝලනාත්මක මරණය සම්බන්ධයෙන් එම වෛද්‍යවරයාට වාර්තා ඉදිරිපත් කළ නොහැකි අතර ඔහු තවමත් සේවය අත්හිටුවූ කාලයක පසුවන බව ද සෞඛ්‍ය අංශ ආරංචි මාර්ග කියයි.

    සොනාල් සිල්වෙස්ටර්

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.