තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්මලඅපවහන ගාස්තුවත් ඉහළට

    මලඅපවහන ගාස්තුවත් ඉහළට

    අද (03) සිට ක්‍රියාත්මක වන පරිදි මලාපවහන ගාස්තු ද ඉහළ දමා තිබේ.

    ඒ ජල ගාස්තු සංශෝධනයට සාපේක්ෂවයි.

    ජල සම්පාදන සහ වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය ජීවන් තොණ්ඩමන් මහතාගේ අත්සනින් නිකුත් කළ අතිවිශේෂ ගැසට් නිවේදනයකින් මෙම ගාස්තු ඉහළ දැමීම සිදුකර තිබේ.

    ඒ අනුව යම් මාසයක භාවිතය ශුන්‍ය වුවත් මාසික මලාපවහන සේවා ගාස්තු ගෙවිය යුතු ය.

    ජල සම්පාදන මණ්ඩලයේ ජල සැපයුමට අමතරව වෙනත් විකල්ප ජල ප්‍රභව කිහිපයක් භාවිත කරන විට ඒ සඳහා පරිහරණ ගාස්තුව වශයෙන් ජල සම්පාදන මණ්ඩලයේ සාමාන්‍යාධිකාරීවරයා කාලානුරූපීව තීරණය කරන අතිරේක ගාස්තුවක් පාරිභෝගිකයා ගෙවිය යුතුයි.

    ජල සැපයුමක් රහිතව මලාපවහන සේවා පමණක් ලබාගෙන ඇති අවස්ථාවක ජල සම්පාදන මණ්ඩලයේ නිලධාරීන් පාරිභෝගිකයින්ගේ ද සහභාගිත්වයෙන් කරන ක්ෂේත්‍ර පරීක්ෂාවකින් අනතුරුව තීරණය කරන ඇස්තමේන්තු අගයකට මලාපවහන ගාස්තු නියම කළයුතු වේ.

    අදාළ මාසයේ ජල ගාස්තු හා මලාපවාහන බිල්පත ලැබී දින 30ක් ඇතුළත ගෙවීම් පැහැර හරින පාරිභෝගිකයින්ගේ ජල සැපයුම සහ මලපවහන සේවාව විසන්ධි කරනු ඇති.

    අදාළ ගැසට්ටුව පහතින්.

    2343-29_S
    ගනේශ් වීදියබණ්ඩාර

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img