තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ටෙලිකොම් සභාපති හදිසියේම ඉවත් කරයි

    ටෙලිකොම් සභාපති හදිසියේම ඉවත් කරයි

    ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ සභාපති මොහාන් ප්‍රනාන්දු මහතා අද පෙරවරුවේ එම ධුරයෙන් ඉවත් කර තිබේ.

    ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ හදිසි අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීමක් අද පෙරවරුවේ කැඳවා තිබූ අතර එහිදී ආයතනයට නව සභාපතිවරයෙකු පත් කරගත යුතු බවට යෝජනා වී තිබිණ.

    ඒ අනුව රොහාන් ප්‍රනාන්දු මහතා ඉවත් කිරීමට අධ්‍යක්ෂ මණ්ඩලයේ බහුතරය ඡන්දය හිමි වී තිබේ.

    ඒ පිළිබඳව අද කොළඹදී පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ප්‍රනාන්දු මහතා සඳහන් කළේ තමා සභාපති ධුරයෙන් ඉවත් කිරීම පිළිබඳව පුදුමයට පත්වන බවය.

    අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීමකින් ටෙලිකොම් සභාපතිවරයෙකු ඉවත් කළ ප්‍රථම අවස්ථාව මෙය වන බවද ඒ සඳහා නීතිමය හැකියාවක් ඇත්දැයි තමා සොයා බලන බවද ඔහු සඳහන් කළේය.

    හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඉල්ලීම පරිදි තමා ටෙලිකොම් සභාපති ධුරය භාරගත් බව ද මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් තමාට පත්වීම් ලිපියක් ලබා දී ඇතැයි ද ඔහු සඳහන් කළේය.

    ආණ්ඩුවේ ඇතැම් කටයුතු ගැන සොයා බැලීමේ දී කිවහැක්කේ ‘ආණ්ඩුවට අබ සරණයි’ යන්න බවද ඔහු සඳහන් කළේය.

    සොනාල් සිල්වෙස්ටර්

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img