හම්බන්තොට – වැල්ලවාය මාර්ගයේ පන්නගමුව පාසල අසලදී ඊයේ සිදුවූ මාරක රිය අනතුරක් සම්බන්ධයෙන් ජාතික ලුණු සමාගමේ අධ්‍යක්ෂවරයෙක් වන ආර්.එම්.එස්. තිලකරත්න මහතාව තිස්සමහාරාම පොලීසිය අත්අඩංගුවට ගෙන ඇත.
අධ්‍යක්ෂවරයා ගමන් කල මෝටර් රථය යතුරුපැදියක ගැටී ඇති බවත් එම යතුරු පැදියේ පසුපස ගමන් කල තිස්සමහාරාමය ඇල්ලගල පදිංචි බී.එච්. සෝමාවතී (67) නැමැති කාන්තාව මියගොස් ඇති බවත් පොලීසිය කියයි.
අධ්‍යක්ෂවරයාව අත්අඩංගුවට ගෙන ඇත්තේ මෙම අනතුර සම්බන්ධයෙනි.