තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්අතුරුදන් ඩෙන්මාර්ක් කතගේ සිරුර අලගල කන්ද පාමුලින් හමුවෙයි

    අතුරුදන් ඩෙන්මාර්ක් කතගේ සිරුර අලගල කන්ද පාමුලින් හමුවෙයි

    කඩුගන්නාව පොත්තපිටිය අලගලකන්ද නැගීමට ගොස් දින 04 තිස්සේ අතුරුදන්ව සිටි ඩෙන්මාර්ක් ජාතික කාන්තාවගේ සිරුර කන්ද පාමුල තිබී අද උදෑසන හමුවී ඇත.

    KAREN MUNK නැමැති 32 හැවිරිදි මෙම සංචාරක කත මහනුවර අම්පිටිය පාරේ පිහිටි කාන්ඩ් බැක් පැකස් හෝටලයේ ජුලි 01 වෙනිදා සිට නවාතැන් ගෙන සිට ඇති බව පොලීසිය කියයි.

    ඇය පසුගිය 10 වෙනිදා උදෑසන 8.30ට හෝටලයෙන් පිටත්ව ගොස් ඇත්තේ කඩුගන්නාවට ගොස් අලගල කන්ද තරණය කිරීමට යන බව සඳහන් කරමිනි.

    ඒ ගිය ඇය දින කිහිපයක් තිස්සේම නැවත හෝටලයට නොපැමිණි බැවින් ඒ ගැන හෝටල් හිමිකරු ඊයේ (13) සවස මහනුවර සංචාරක පොලිසියට පැමිණිලිකර ඇත.

    ඒ අනුව අද උදෑසන පොලීසිය විසින් කල සෝදිසි මෙහෙයුමකදී ඇගේ සිරුර කන්ද පාමුල තිබී හමුවී තිබේ. මළ සිරුර තිබී ඇත්තේ මුනින් අතට වැටීය.

    අලගල්ල කදු මුදුනේ ඇති තවත් කන්දක් වන රූස්සගල නැගීමට ගොස් ඇය කන්දෙන් පහලට වැටී ඇති බව පෙනී යන්නේ යැයි පොලිස් සංචාරක හා නාවුක අංශයභාර නියෝජ්‍ය පොලිස්පති ජගත් ෆොන්සේකා මහතා සදහන් කළේය.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img