fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ගුවන්තොටින් පන්නන්න හැදූ කෝටි 3ක රන්වලට වූ දේ..

    ගුවන්තොටින් පන්නන්න හැදූ කෝටි 3ක රන්වලට වූ දේ..

    ඉන්දියාවේ සිට මෙරට පැමිණි ගුවන් මගීන් දෙදෙනෙකු රුපියල් කෝටි 03කට ආසන්න වටිනාකමක් ඇති රන් භාණ්ඩ කිලෝ 01යි ග්‍රෑම් 780ක් සමඟ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ කටුනායක ගුවන්තොටුපොල ඒකකයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

    ගුවන්තොටුපොල පැමිණිමේ පර්යන්තයේදී මොවුන් දෙදෙනාව අත්අඩංගුවට ගෙන ඇත්තේ රේගු පරීක්ෂාවෙන් පසු පිටවීමට සූදානම් වූ අවස්ථාවේදීය.

    මාල, කරාබු, අත්පලදනා ඇතුළු විවිධ වර්ගයේ රන් භාණ්ඩ මෙහි තිබී ඇත. මෙම රන් භාණ්ඩ ගමන් මළුවල සඟවා රැගෙන විත් තිබේ.

    සැකකරුවන් දෙදෙනා වැල්ලම්පිටිය හා ග්‍රෑන්ඩ්පාස් හී පදිංචි 39 හා 53 යන වයස්වල පසුවන්නන්ය. මෙම සැකකරුවන් අතර ඉන්දියාව සහ ඩුබායි යන රටවල නිතර ගමන්කරන අයෙක් සිටින බවත් ඔහු ව්‍යාපාරිකයෙක් බවත් අනාවරණය වී ඇත. මෙම සැකකරුවන් දෙදෙනා රන් භාණ්ඩද සම කටුනායක රේගුව වෙත භාරදී ඇත.

    .

    ඔබේ අදහස් දක්වන්න.