fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්තවත් මාරක බස් අනතුරක්

    තවත් මාරක බස් අනතුරක්

    අඹන්පොළ ප්‍රදේශයේ අද(10) අලුයම සිදුවූ රිය අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් 29 දෙනෙකු තුවාල ලබා ඇතැයි වාර්තා වේ.

    අනුරාධපුර – පාදෙණිය මාර්ගයේ අඹන්පොල මධ්‍ය මහා විද්‍යාලය ආසන්නයේදී අද අළුයම අනුරාධපුර වන්දනාවේ යමින් සිටි පිරිසක් රැගත් බස් රථයක් මාර්ගය අයිනේ නතරකර තිබුණු කන්ටේනරයක ගැටී ඇත.

    මෙම අනතුරින් තලාවේ පදිංචිකරුවන් දෙදෙනෙක් වන අවුරුදු 32 හා 71 යන වයස්වල පදිංචිකරුවන් දෙදෙනෙක් මියගොස් තිබේ.

    මෙම අනතුරින් බස් රථයේ ගමන්කරමින් සිටි 29 දෙනෙක් තුවාල ලබා ඇත. ඒ අතරින් කාන්තාවන් 06 දෙනෙක් සහ පිරිමි එක් පුද්ගලයෙක් අඹන්පොල රෝහලටත් කාන්තාවන් 18 දෙනෙක් හා පිරිමි 04 දෙනෙක් ගල්ගමුව රෝහලටත් ඇතුලත්කර තිබේ.

    මෙම අනතුරට හේතුව සොයා විමර්ශන පැවැත්වෙන බව පොලීසිය කියයි.

    පාදෙනියේ සිට අනුරාධපුරය බලා ධාවනය වූ බස් රථයක් කන්ටේනරයක ගැටීමෙන් අනතුර සිදුව තිබුණි.

    තුවාලකරුවන්, අඹන්පොළ සහ ගල්ගමුව රෝහල්වලට ඇතුළත් කර ඇත.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.