බැන තර්ජනය කිරීමක් සම්බන්ධයෙන් ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණය විසින් නිකුත්තර ඇති වරෙන්තුවකට අනුව නෙදර්ලන්ත ජාතිකයෙකුව හබරාදූව පොලීසිය විසින් ඊයේ රාත්‍රී කාලයේදී අත්අඩංගුවට ගෙන ඇත.
ගාල්ල උණවටුන, බොනවිස්ටා හන්දියේ නිවසක පදිංචිව සිටින FRANK DE VRIES නැමැති 56 හැවිරිදි නෙදර්ලන්ත ජාතිකයාව මෙසේ අත්අඩංගුවට ගෙන ඇත.
ගාල්ල අධිකරණට විසින් මෙම විදේශිකයාට එරෙහිව වරෙන්තුව නිකුත්කර තිබී ඇත්තේ ජුනි 27 දාය. ඔහුව අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.