තවත්
    මුල් පිටුවදේශීය පුවත්උණුසුම් පුවත්භීෂණ සමයේ ත්‍රිකුණාමලය පොලීසියේ තිබුණු ගිනිඅවිය මොරටුවෙන් මතුවේ

    භීෂණ සමයේ ත්‍රිකුණාමලය පොලීසියේ තිබුණු ගිනිඅවිය මොරටුවෙන් මතුවේ

    පොලිස් මධ්‍යම අවි ගබඩාවෙන් 1988 වසරේදී ත්‍රිකුණාමලය පොලිස් කොට්ඨාශයට නිකුත්කර තිබුණු පිස්තෝලයක් පතොරම් 24ක් සමඟ විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීයවරයෙක් විසින් මොරටුව පොලීසියට ඊයේ භාරදී ඇත.

    ඒ එම අවිය සිය නිවස ආසන්නයේ ඇති කසල ගොඩක තිබී පුද්ගලික ඔත්තුකරුවෙකුගේ තොරතුරකින් සොයාගත් බව කියමිනි.

    ෆ්‍රමින් ඔගස්ටික් ප්‍රනාන්දු නැමැති විශ්‍රාමික මෙම ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරීවරයා පදිංචිව සිටින්නේ මොරටුව ලුණාවේය.

    මෙම නිලධාරියා කලක් ත්‍රිකුණාමලයේ සේවයේ නිරතව සිට ඇති අතර විශ්‍රාම ගොස් ඇත්තේ 2001 වසරේදීය.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img