තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්පුද්ගලික රෝහලක අධ්‍යක්ෂවරු 3ක් අත්අඩංගුවට

    පුද්ගලික රෝහලක අධ්‍යක්ෂවරු 3ක් අත්අඩංගුවට

    වැල්ලවත්තේ පිහිටි පුද්ගලික රෝහලක අධ්‍යක්ෂකවරයෙකුගේ නිවසකට කඩා වැදුණු එම රෝහලේම තවත් අධ්‍යක්ෂකවරු තිදෙනෙක් රුපියල් කෝටියකට අධික මුදලක් සහ රන් භාණ්ඩ විශාල ප්‍රමාණයක් කොල්ලකා ඇතැයි වැල්ලවත්ත පොලීසිය කියයි.

    අදාල පුද්ගලික රෝහල් ගොඩනැගිල්ලෙහි ඉහළ මහලේ කොල්ලකෑමට ලක්වූ අධ්‍යක්ෂවරයාගේ නිවස පිහිටා ඇති බව කියයි.

    එම නිවසේ සේප්පුවක තිබුණු මෙම මුදල් හා රන් භාණ්ඩ කොල්ලකෑ අධ්‍යක්ෂවරු තිදෙනා කොල්කෑමට ලක්වූ අධ්‍යක්ෂවරයාගේ සහෝදරයින් බව පොලීසිය කියයි.

    සහෝදරියින් අතර හටගෙන ඇති දේපොල සම්බන්ධයෙන් වූ ආරවුලක් මත මෙම කොල්ලය සිදුව ඇති බව විමර්ශන වලින් පෙනී ගොස් ඇත.

    මේ සම්බන්ධයෙන් සැකපිට මුදල් හා රන් භාණ්ඩ කොල්ලකෑ බව කියන අධ්‍යක්ෂවරු තිදෙනාව පොලීසිය අත්අඩංගුවට ගෙන තිබේ.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img